අයවැය විවේචනය කළ කිසිවෙක් විකල්ප ආදායම් යෝජනා ඉදිරිපත් කළේ නෑ – මුදල් රාජ්‍ය ඇමති

මාසයක් තුළ පැවති අයවැය විවාදයේදී , විවිධ චෝදනා සහ වියදම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ කිසිවෙකූ ආදායම් සම්බන්ධයෙන් කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද දහවල් දෙහිඕවිට කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයයේ පැවති උත්සව සභාවක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ යම් හෙයකින් 2024 වසරට අදාළ අයවැය ලේඛනය සම්මත නොවූයේ නම් දෙසැම්බර් මස 31 දින රාත්‍රියෙන් පසු විශ්‍රාම වැටුප් ගෙවීම සහ විදේශ ණය ගෙවීම හැර කිසිදු වියදමක් දැරීමට හෝ කිසිදු ආදායමක් එක්රැස් කර ගැනීමට රජයට අවස්ථාවක් නොමැති බවයි.

මෙම අයවැය යෝජනාවලට වඩා විකල්ප යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අයවැය කතාව කරමින් ජනාධිපතිවරයා විවෘත ආරාධනයක් කළ ද අයවැයට විරුද්ධ පිරිස් මාසය තුළ ම සිදුකළේ විවේචනය කිරීම පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ලබන වසර වන විට සංවර්ධිත ඉලක්ක කරා නැවත යාමට හැකියාව ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?