spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයවැය විවේචනය කළ කිසිවෙක් විකල්ප ආදායම් යෝජනා ඉදිරිපත් කළේ නෑ – මුදල් රාජ්‍ය ඇමති

මාසයක් තුළ පැවති අයවැය විවාදයේදී , විවිධ චෝදනා සහ වියදම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ කිසිවෙකූ ආදායම් සම්බන්ධයෙන් කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද දහවල් දෙහිඕවිට කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයයේ පැවති උත්සව සභාවක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ යම් හෙයකින් 2024 වසරට අදාළ අයවැය ලේඛනය සම්මත නොවූයේ නම් දෙසැම්බර් මස 31 දින රාත්‍රියෙන් පසු විශ්‍රාම වැටුප් ගෙවීම සහ විදේශ ණය ගෙවීම හැර කිසිදු වියදමක් දැරීමට හෝ කිසිදු ආදායමක් එක්රැස් කර ගැනීමට රජයට අවස්ථාවක් නොමැති බවයි.

මෙම අයවැය යෝජනාවලට වඩා විකල්ප යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අයවැය කතාව කරමින් ජනාධිපතිවරයා විවෘත ආරාධනයක් කළ ද අයවැයට විරුද්ධ පිරිස් මාසය තුළ ම සිදුකළේ විවේචනය කිරීම පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ලබන වසර වන විට සංවර්ධිත ඉලක්ක කරා නැවත යාමට හැකියාව ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?