අයර්ලන්තය, පාකිස්ථානයට එරෙහිව ඓතිහාසික 20-20 ජයක් ලබයි

පාකිස්ථානයට එරෙහි ඓතිහාසික පළමු විස්සයි විස්ස ජයග්‍රහණය වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

දෙරට අතර ඩබ්ලින් හිදී පැවති පළමු විස්සයි විස්ස තරගය පාකිස්ථානය පරාජය කරමින් අයර්ලන්ත ජයගත්තේ කඩුලු 05කින්.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නායක බාබර් අසාම් ලකුණු 57ක් රැස්කළ අතර, ආරම්භක පිත්කරු සයිම් අයුබ් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රේග් යං ලකුණු 27කට කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු අයර්ලන්තය ලකුණු 183ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් දැවී පසුකර ගියා.

එහිදී ඇන්ඩි බල්බර්නි ලකුණු 77ක් රැස්කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 36ක් රැස් කරමින් අයර්ලන්ත ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව පාකිස්ථානයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට අයර්ලන්තය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10