අමෙරිකානු එක්සත් ජනපදයේ 47 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම අද (05) පස්වරු 05ට ආරම්භ වනවා.
අමෙරිකාව වර්ෂ 1776 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වූ අතර ඔවුන් සිය ව්‍යවස්ථාව වර්ෂ 1789 දී නව ව්‍යවස්ථාවක් උදෙසා ගිවිසුම්ගත වුණා.
1783 දී අත්සන් කළ පැරිස් සාම ගිවිසුමෙන් අනතුරුව වර්තමානයේ ලෝක බලවතා ලෙස පිළිගැනෙන අමෙරිකාව නිදහස් – ස්වාධීන රාජ්‍යයක් ලෙසටයි පිළිගැනුණේ.
අමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස නිදහස් සටනට නායකත්වය දුන් ජෝර්ජ් වොෂින්ටන් තේරී පත් වුණා.
මෙය ලොව ඉහළ පෙළේ සන්ධීය සහ ප්‍රථම ලිඛිත අනම්‍ය (පහසුවෙන් වෙනස් කළ නොහැකි) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති රාජ්‍යය ලෙසටයි සැලකෙන්නේ.
අමෙරිකාවේ ප්‍රාන්ත 50ක් සහ ෆෙඩරල් (සන්ධීය) දිස්ත්‍රික්කයකින් (කොලොම්බියාව) සමන්විත රාජ්‍යයක් වන අතර මෙහි බහුතර කොටස් පිහිටා ඇත්තේ උතුරු අමෙරිකාවේ ය.
වොෂින්ටන් ඩී. අමෙරිකාවේ අගනුවර වන අතර මෙම සමස්ත ප්‍රාන්ත 50ට ම සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයට (කොලොම්බියාව) නායකත්වය දෙන්නා එරට ව්‍යවස්ථාවෙන් සන්නද්ධ හමුදාවේ සේනාධි නායකයා නොහොත් ජනාධිපතිවරයා ලෙස පිළිගැනීම සම්ප්‍රදාය වනවා.
එරට ව්‍යවස්ථාදායකය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන්නේ කොංග්‍රස් මණ්ඩලය සහ සෙනෙට් සභාව ලෙසින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වන වගන්තිය ෆෙඩරල් රජයේ විධායක ශාඛාව ස්ථාපිත කර විධායක බලය ජනාධිපතිවරයාට පවරා තිබෙනවා.
ජනපතිට හිමි බලය අතර ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම, ෆෙඩරල් විධායක, රාජ්‍යතාන්ත්‍රික, නියාමන සහ අධිකරණ නිලධාරීන් පත් කිරීමේ වගකීම ඇතුළත් වනවා.
එමෙන්ම අමෙරිකානු ව්‍යවස්ථාවෙන් ම ජනාධිපතිවරයා බලවත් කර ඇත්තේ ඔහුට පූර්ණ විදේශ ප්‍රතිපත්තිය ද මෙහෙයවීමේ අයිතිය පවරමින්.
ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ඇති, ලොව මිල අධිකම හමුදාව මෙහෙයවීමේ වගකීම ද ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා හටයි.
අමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ වරණ මණ්ඩලයක් නැතහොත් ඡන්ද විද්‍යාලයක් විසින්.
එනම් වරණ මණ්ඩලයක් නැතහොත් ඡන්ද විද්‍යාලයක් හරහා ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් සෘජුව නොව තේරීපත් වන්නේ වක්‍රාකාරයෙන් ය.
අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුර කාලය එක් අයෙකුට දැරිය හැක්කේ දෙවරක් පමණක් වන අතර ධුර කාලය සිව් වසරකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වගන්තිය, 1 වැනි වගන්තිය, 5 වැනි වගන්තිය මඟින් ජනාධිපති ධුරය දැරීමට සුදුසුකම් තුනක් දක්වා අමෙරිකානු ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කිරීමට නම්; ඔහු හෝ ඇය එක්සත් ජනපදයේ උපන් පුරවැසියෙකු වීම,
අවම වශයෙන් අවුරුදු 35 ක් වීම, අවම වශයෙන් වසර 14 ක් එක්සත් ජනපදයේ නිත්‍ය පදිංචිකරුවෙකු වීම
වනු ඇති.
එමෙන්ම අමෙරිකානු ව්‍යවස්ථාවෙන් ම රටේ ජනාධිපතිවරයා වීමට නම් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලැබූ උසස් අධ්‍යාපනයක් සහිත උපාධියක් තිබෙන පුද්ගලයෙකු වීම ද සුදුසුකමක් ලෙස සලකා තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු ව්‍යවස්ථාව යටතේ I වන වගන්තිය, 3 වැනි වගන්තිය, 7 වැනි වගන්ති ප්‍රකාරව දෝෂාභියෝගයට ලක්ව, වරදකරු කර ඇත්නම් හෝ එකී රාජ්‍යයට එරෙහිව දහහතරවන සංශෝධනයේ 3 වැනි වගන්තිය යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දෙන බවට දිවුරුම් දුන් සහ පසුව එක්සත් ජනපදයට එරෙහිව කැරලි ගැසූ කිසිදු පුද්ගලයෙකුට කිසිදු තනතුරක් දැරීමට එරට තුළ ඉඩක් නොතබා තිබෙනවා.
වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු ජනාධිපති ලෙස තේරී පත් වූ කාල සීමාවේ වසර දෙකකට වඩා වැඩි කාලයක් ඕනෑම සුදුස්සෙකු ජනාධිපති හෝ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරන්නේ නම්, හිටපු තැනැත්තාට ජනාධිපති ලෙස තේරී පත් විය හැක්කේ එක් වරක් පමණක් බව ද සංශෝධනයේ සඳහන්.
මීට අමතරව, ජනාධිපතිවරයෙකුගේ මරණය හෝ ඉල්ලා අස්වීම ධුරය අවසන් වීමට පූර්වයෙන් සිදු වුවහොත්; උප සභාපතිවරුන් 09 දෙනෙකු ජනාධිපති වශයෙන් මීට පෙර අමෙරිකාවේ කටයුතු කර තිබෙනවා.
සමස්තයක් වශයෙන්, පුද්ගලයන් 45 දෙනෙකු වසර හතරක වාර 58ක් පුරා ජනාධිපති ධුර 46ක සේවය කර තිබෙනවා.
ජෝ බයිඩන් 2021 ජනවාරි 20 වන දින බලයට පත් වූ 46 වන අමෙරිකානු ජනාධිපතිවරයා වන අතර අද පැවැත්වෙන්නේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතුයි.
එක් එක් ප්‍රාන්තයේ සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් විසින් වක්‍ර ලෙස ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ Electoral College (ඡන්ද විද්‍යාලය) හරහා වන අතර, වසර හතරකට වරක් සමගාමීව ජනාධිපති සහ උප ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු වනවා.
මැතිවරණයෙන් සති හයකට පමණ පසු දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසු පළමු සඳුදා, ඡන්දදායකයින් ජනාධිපතිවරයාට සහ වෙනම ඡන්දයකින් උප ජනාධිපතිවරයාට ඡන්දය දීමට ඔවුන්ගේ අදාළ ප්‍රාන්ත අග නගරවල (සහ වොෂිංටන් ඩීසීහි) රැස්වනවා.
ඡන්දයෙන් පසුව, සෑම ප්‍රාන්තයක්ම ඔවුන්ගේ මැතිවරණ ඡන්ද පිළිබඳ සහතික කළ වාර්තාවක් කොංග්‍රසයට යවනවා.
ජනවාරි පළමු සතියේ පැවැත්වෙන කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියේදී ඡන්දදායකයින්ගේ ඡන්ද විවෘත කර ගණන් කිරීම සිදු කෙරෙනු ඇති.
අපේක්ෂකයෙකු ජනාධිපති සඳහා මැතිවරණ ඡන්දවලින් නිරපේක්ෂ බහුතරයක් ලබා තිබේ නම් (දැනට 538න් 270ක්), එම පුද්ගලයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.
නොඑසේ නම්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්විය යුත්තේ හදිසි මැතිවරණ ක්‍රියා පටිපාටියක් භාවිතා කරමින්, නියෝජිතයින්, එක් එක් ප්‍රාන්තය තනි ඡන්දයක් ප්‍රකාශ කරමින්, ප්‍රාන්ත නියෝජිතයින් විසින් ඡන්දය ප්‍රකාශ කර, ජනාධිපති සඳහා ඉහළම මැතිවරණ ඡන්ද ලබා ගන්නන් තිදෙනා අතරින් තෝරා ගන්නා මැතිවරණ ක්‍රියා පටිපාටියක් භාවිතා කරමින් බවයි ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ.
ජනාධිපති ධුරය ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයෙකුට ප්‍රාන්තවල පරම බහුතරයක (දැනට 50 න් 26) ඡන්ද ලැබිය යුතු වනවා.
මේ වනවිට බොහෝ ප්‍රාන්තවල අමෙරිකානු පුරවැසියන් විසින් ඡන්දය 80%ක් භාවිත කර අවසන් බවත් අද ඇරඹෙන්නේ ඉතිරි 20%ක ප්‍රමාණය පිළිබඳ ව ඡන්ද විමසීමේ කටයුතු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ දිනයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය මැතිවරණ අවසන් ප්‍රචාරක රැලිවලට එක් වුණා.
හැරිස් ෆිලඩෙල්ෆියා හි මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ අතර ට්‍රම්ප් මිචිගන්හි දී සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කළා.
විශ්ලේෂණ සමාගමක් වන Adimpact ට අනුව, මාර්තු මාසයේ සිට අමෙරිකානු ඡන්දදායකයින්ගේ මතය වෙනස් කිරීමට මෙම ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාම අමෙරිකානු ඩොලර් බිලියන 2.6කට වඩා වියදම් කර තිබෙනවා.
78 හැවිරිදි ට්‍රම්ප් මේ පිවිසෙන්නේ සිය දෙවැනි සහ අවසන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයට වන අතර 60 හැවිරිදි කමලා ජනපති සටනට තරග වදින්නේ පළැමු වරටයි.
ඇය සිය හිතවතා වන අමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස පත් වූ ජෝ බයිඩ්න්ගේ උප සභාපතිවරයා ලෙසට ද කටයුතු කළ තැනැත්තිය ද වනවා.
ට්‍රම්ප් යනු පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරවේදය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාගත් අයෙකු වන අතර කමලා හැරිස් යනු ශාස්ත්‍රවේදි උපාධිය හෝර්වාඩ් විශ්වවිද්‍යාලයෙන් අවසන් කර, නීතිවේදී උපාධිය කැලිෆෝනියා සහ හස්ටින්ග්ස් නීති විද්‍යාලයෙන් අවසන් කළ විශිෂ්ටයෙක්.