අමෙරිකාවට එන චීන නැව්වලට ලොකු ගාස්තුවක්

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් එක්සත් ජනපද වරායට ඇතුළු වන චීනය විසින් සාදන ලද යාත්‍රා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.5 දක්වා ගාස්තුවක් අය කිරීමට යෝජනා කරනු ලැබ තිබෙනවා.

ගෝලීය නැව් තැනීම, සමුද්‍රීය සහ සැපයුම් අංශයන්හි චීනයේ වැඩෙන ආධිපත්‍යය පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස මෙම යෝජනාව සිදුකර තිබෙනවා.

හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී මෙම විමර්ශනය ආරම්භ කළා.

දැවැන්ත රාජ්‍ය සහනාධාර සහ ජාත්‍යන්තර තරගකාරී සමාගම්වලට සමාන අවස්ථා නොලැබෙන රජය සතු ව්‍යවසායන් සඳහා විශේෂ කොට සැලකීම හේතුවෙන් චීනය ගෝලීය නැව් තැනීමේ කර්මාන්තයේ සිය කොටස 2023 වන විට සියයට 50ක් දක්වා වැඩි කර ගෙන ඇතැයි අදාළ වාර්තාවේ සඳහන්.

චීනය 1999 දී ගෝලීය නැව් කර්මාන්තයේ හිමි කරගෙන තිබුණේ සියයට 5ක ඉතා කුඩා ප්‍රතිශතයක්.

අදාළ වාර්තාවට අනුව එක්සත් ජනපදය 1975 දී නැව් 70 ක් ගොඩනඟා ඇති නමුත් අද වාර්ෂික නිමැවුම නැව් පහක් පමණක් බව ඒජන්සිය පෙන්වා දෙනවා.

පෙබරවාරි 21 දින ප්‍රකාශයට පත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටර් දැන්වීමක, USTR එහි යෝජිත ගාස්තු සහ අනෙකුත් නැව්ගත කිරීමේ සීමාවන් විස්තර කර තිබෙනවා.

ඒජන්සිය විසින් ප්‍රතිකර්ම පිළිබඳ මහජන සාක්ෂි විමසීමක් මාර්තු 24 දිනට නියම කර ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21