අමෙරිකානු පුරවැසියාගේ අවශ්‍යතාව ගැන ඔබාගෙන් ප්‍රකාශයක් – ට්‍රම්ප් හා හැරිස් දෙදෙනා ම හොඳ නායකයින්

තම රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් යහපත්, ත්‍යාගශීලී, අවංක සහ සාධාරණ බවට තමන් විශ්වාස කරන බව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බරාක් ඔබාමා පවසනවා.

ඊයේ පස්වරුවේ (04) පැවති නිදහස් මනාපය නමැති වේදිකාවට ගොඩවෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අද දින අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර එහි ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික කමලා හැරිස් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් යි.

මේ සම්බන්ධයෙන් පොදු මතයක් සමාජගත කරමින් හිටපු ජනාධිපති ඔබාමා කියා සිටින්නේ; රටේ ජනතාව ඩිමොක්‍රටික්, රිපබ්ලිකානු හෝ ස්වාධීන හෝ කවර මතය දැරුව ද, ඔවුන්ට අවශ්‍ය වන්නේ වටිනාකම් පිළිඹිබු කළ හැකි නායකත්වයක් බවයි.

ට්‍රම්ප් සහ හැරිස් යනු අමෙරිකානුවන්ගේ හෙට දවස යහපත් කිරීමට සිටින වැඩ කළ හැකි නායකයින් දෙදෙනකු බව ද බරාක් ඔබාමා පවසනවා.

ඊයේ දිනයෙන් ට්‍රම්ප් සහ හැරිස් සිය අවසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැවැත්වූ අතර ට්‍රම්ප් මිචිගන්හි ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි ජනයා ඇමතූ අතර හැරිස් පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා හි සිය දේශපාලනික වේදිකාවට ගොඩ වුණා.

මීට පෙර උතුරු කැරොලිනාවේ පැවති රැලියක දී ට්‍රම්ප් ප්‍රකාශ කළේ සංක්‍රමණිකයන් දේශසීමා තරණය කිරීම “නතර නොකරන්නේ නම්” සියලුම මෙක්සිකානු ආනයන සඳහා 25% තීරුබදු පැනවීමට තමන් අදහස් කරන බවයි.

හැරිස් පෙන්සිල්වේනියාවේ ජනකායකට පැවසුවේ ” අමෙරිකාව නව ආරම්භයක් සඳහා සූදානම්” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?