පිලිපීනයට අමෙරිකානු ඩොලර් බිලියන 5.58ක් වටිනා F-16 ප්‍රහාරක ජෙට් යානා 20ක් විකිණීමට අමෙරිකා එක්සත් ජනපදය අනුමැතිය ලබා දී තිබෙනවා.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ දකුණු චීන මුහුදේ සමුද්‍ර ආරවුල් සම්බන්ධයෙන් පිලිපීනය සහ චීනය අතර දිනෙන් දින වැඩිවන ආතතීන් හේතුවෙන් අමෙරිකාව මෙම අවසරය ලබා දී ඇති බවයි.
යෝජිත ගනුදෙනුව “උපායමාර්ගික හවුල්කරුවෙකුගේ” හැකියාව වැඩිදියුණු කිරීමෙන් එක්සත් ජනපදයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති උත්සුකයන්ට සහාය වන බව විස්තර කර තිබෙනවා.
අග්නිදිග ආසියාවේ “දේශපාලන ස්ථාවරත්වය සඳහා වැදගත් බලවේගයක්” ලෙස පිලිපීනය විස්තර කරමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අඟහරුවාදා නිවේදනය කළේ විකිණීම අනුමත කර ඇති බවත් F-16 යුද ගුවන් යානා 20 ක් සහ ඒ ආශ්‍රිත උපකරණ මැනිලා වෙත යවා ඇති බවයි.
F-16 යානා අත්පත් කර ගැනීම “පිලිපීන ගුවන් හමුදාවට සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය සහ සමීප ගුවන් සහාය මෙහෙයුම් සිදු කිරීමට සහ සතුරු ගුවන් ආරක්ෂක මර්දනය වැඩි දියුණු කිරීමට ඇති හැකියාව” වැඩිදියුණු කරනු ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවා.