අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා ප්‍රහාරක ජෙට් යානා විකිණීමට අමෙරිකාවේ අනුමැතිය

පිලිපීනයට අමෙරිකානු ඩොලර් බිලියන 5.58ක් වටිනා F-16 ප්‍රහාරක ජෙට් යානා 20ක් විකිණීමට අමෙරිකා එක්සත් ජනපදය අනුමැතිය ලබා දී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ දකුණු චීන මුහුදේ සමුද්‍ර ආරවුල් සම්බන්ධයෙන් පිලිපීනය සහ චීනය අතර දිනෙන් දින වැඩිවන ආතතීන් හේතුවෙන් අමෙරිකාව මෙම අවසරය ලබා දී ඇති බවයි.

යෝජිත ගනුදෙනුව “උපායමාර්ගික හවුල්කරුවෙකුගේ” හැකියාව වැඩිදියුණු කිරීමෙන් එක්සත් ජනපදයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති උත්සුකයන්ට සහාය වන බව විස්තර කර තිබෙනවා.

අග්නිදිග ආසියාවේ “දේශපාලන ස්ථාවරත්වය සඳහා වැදගත් බලවේගයක්” ලෙස පිලිපීනය විස්තර කරමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අඟහරුවාදා නිවේදනය කළේ විකිණීම අනුමත කර ඇති බවත් F-16 යුද ගුවන් යානා 20 ක් සහ ඒ ආශ්‍රිත උපකරණ මැනිලා වෙත යවා ඇති බවයි.

F-16 යානා අත්පත් කර ගැනීම “පිලිපීන ගුවන් හමුදාවට සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය සහ සමීප ගුවන් සහාය මෙහෙයුම් සිදු කිරීමට සහ සතුරු ගුවන් ආරක්ෂක මර්දනය වැඩි දියුණු කිරීමට ඇති හැකියාව” වැඩිදියුණු කරනු ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25