අමෙරිකානු ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරියගේ ප්‍රකාශ ගැන බංග්ලාදේශයෙන් තරවටුවක්

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරිය වන තුල්සි ගැබාර්ඩ් දකුණු ආසියාවේ පවතින ආගමික ප්‍රචණ්ඩත්වය ගැන දක්වා ඇති ප්‍රකාශ පදනම් විරහිත බවට බංග්ලාදේශය චෝදනා කරනවා.

එම ප්‍රකාශ මගින් විවිධ ආගමික නිකායික ආතතීන් අවුළුවාලීමේ අවදානමක් ඇති බවයි බංග්ලාදේශය චෝදනා කරන්නේ.

2024 දී ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද සිවිල් අරගලය හේතුවෙන් බංග්ලාදේශ රජය පෙරලා දැමීමෙන් පසු එරට සමඟ සබඳතා ඉන්දියාවේ ද පළුඳු වී තිබෙනවා.

එවන් අවස්ථාවක අමෙරිකානු බුද්ධි අංශයේ අධ්‍යක්ෂිවරිය ඉන්දියාවට පැමිණ සිදු කරන ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික විරෝධතා පිළිගත නොහැකි බවයි බංග්ලාදේශය චෝදනා කරන්නේ.

ඉන්දීය රජය විසින් බංග්ලාදේශයට මීට පෙර චෝදනා කර ඇත්තේ බංග්ලාදේශයේ සිටින සුළුතරයක් වන හින්දු පුරවැසියන් ආරක්ෂා කරගැනීමට කිසිදු පියවරක් ප්‍රමාණවත් පරිදි නොගත් බවයි.

මෙම සියලු ආගමික ගැටුම් ඇතිකරලිය හැකි ප්‍රකාශ අමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂවරි‍ය වන ගැබාර්ඩ් ඊයේ (17) ඉන්දියානු ගුවන් විදුලි නාලිකාවක් වන NDTV සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදය සමඟ මෙම ගැටලුව “කනස්සල්ලට ලක්විය යුතු කේන්ද්‍රීය ක්ෂේත්‍ර” ලෙස පවතින බවත් ට්‍රම්ප් පරිපාලනය දැනටමත් ඒවා බංග්ලාදේශ රජයට ඉදිරිපත් කර ඇති බවත් ඇය එම මාධ්‍ය සාකච්ඡාවේ දී පවසා තිබෙන බවත් සඳහන්.

එම ප්‍රකාශයට එරෙහිව බංග්ලාදේශය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූයේ ගැබාර්ඩ් මහත්මියගේ ප්‍රකාශ රටේ ප්‍රතිරූපයට සහ කීර්ති නාමයට සහ ඇතැම් පිරිස් නොමග යැවීමට හානි කරන බවයි.

මේ අතර ඉන්දියාවේ දී ඊයේ පස්වරුවේ ගැබාර්ඩ් අධ්‍යක්ෂවරිය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ව ද හමු ව තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව මෙන් ම බුද්ධි අංශ මිත්‍රත්ත්වය පුළුල් කරගැනීම ගැන ද අවධානය යොමු වුණා.

මීට අමතර ව හෙට (18) දිනයේ දී ඇය අගමැති මෝදි කළ ඇරයුමකට අනුව ඉන්දියාවේ පැවැත්වෙන ආරක්ෂක නිලධාරීන්ගේ බහුජාතික රැස්වීමක් ලෙස සැලකෙන ‘රයිසීනා සංවාදයේ’ දේශයකට ද එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?