AFC Banner
AFC Banner
Empty Ad

අමෙරිකානු ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ පිරිසක් ආරක්ෂක ලේකම් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ Institute for Security Governance හි නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ (15) දින කොළඹ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා හමුවුණා.

මෙම නියෝජිත පිරිස එදිනම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා ද හමු වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක Institute for Security Governance මගින් මෙරට ත්‍රිවිධ හමුදාවේ මෙන්ම, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, ජාතික ආරක්‍ෂක විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ඇතුළු ආයතන ගණනාවක් සමඟ දැනට ක්‍රියාත්මක හැකියාවන් සහ ධාරිතාවන් තවදුරටත් ඉහළ නැංවීමේ වැඩසටහන්වල ව්‍යාපෘති ඇගයීම, සමාලෝචනය සහ සංවර්ධනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමඟින් වෙන් වෙන්ව පැවති මෙම සාකච්ඡාවන්ට සහභාගී වූ එක්සත් ජනපද නියෝජිත පිරිසට ඉන්දු-පැසිෆික් කලාපීය වැඩසටහන් ප්‍රධානි Michael Rembold, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධීකාරක Matt Ashley, නියෝජ්‍ය සම්බන්ධිකාරක Daniel Simpson, විෂයානුබද්ධ විශේෂඥ සහ ඇමරිකානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානි Oscar De Soto, කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Tony Nelson සහ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී කමාන්ඩර් Sean Lin ඇතුළත්.

දෙපාර්ශ්වයේ සහයෝගී ප්‍රයත්නයන් මෙන්ම, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා වන උත්සාහයන් පිළිබඳ මෙම සාකච්ඡා ඔස්සේ අවධාරණය කරනු ලැබුවා.

මෙම සහයෝගීතාවන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රමුඛතා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දී ඇති අතර, එමගින් අනාගතයේ වඩාත් සැලකිය යුතු හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙනු ඇති.

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා වූ හවුල් කැපවීම අවධාරණය කරමින් අනාගත සහයෝගීතා ප්‍රයත්නවල අවශ්‍යතා ද මෙම සාකච්ඡාවලට ඇතුළත්.

ආරක්‍ෂක අංශයේ අන්‍යෝන්‍ය වර්ධනය සහ අවබෝධය වර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර කල්පවත්නා හවුල්කාරිත්වය මෙම රැස්වීම් මගින් යළිත් අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?