අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ – විමල්

වත්මන් මුදල් අමාත්‍යවරයා ඇමති ධුරයක් දරන අමාත්‍ය මණ්ඩලයක නැවතත් අමාත්‍යධුරයක් දැරීමට තමා සූදානම් නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත ඊයේ (07) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි ඉතාම පුරෝගාමීව කැපවෙලා නිර්මාණය කළ ජනවරමක‍්. ඒ ජනවරමේ අයිතිවාසිකමෙන් අපිට ගැළවෙන්න බැහැ. වගේම ඒ ජනවරමට සම්පුර්ණ පටහැනි අතකට මේ රටේ ආර්ථිකය ඇදගෙන යන්න හදනවා නම්, විශේෂයෙන් ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයා විසින් ඒ ජනමතය නිර්මාණය කරන්න කැපවෙච්ච අපිට ම ඒ තත්ත්වයට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න සිද්ධවෙනවා. ඒක අපි ඒ ජනමතයට අවංකවීමක්.”

ප්‍රශ්නය – ඔබතුමාට යළිත් අමාත්‍යධුරයක් දෙනවා කිව්වොත් භාරගන්න කැමතිද?

“කිසිසේත්ම වර්තමාන මුදල් අමාත්‍යවරයා, ඇමති තනතුරක් දරන අමාත්‍ය මණ්ඩලයක නියෝජිතයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒකට හේතුව අද මේ රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නෙමෙයි ඒ ලැබුණු ජනවරම පික්පොකට් ගහලා ඒ ජනවරමට පස්ස හරවලා මේ රට පාලනය කරන්නේ, බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා. ඇත්ත කතාව ගත්තොත් ඔහු අමෙරිකානුවෙක්. ඔහුගේ ජීවිතයේ සැදෑසමය ගෙවෙන්නේ අමෙරිකාවේ. අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ.”

ප්‍රශ්නය – මුදල් ඇමතිතුමා කියනවා සියලු වීථී ලාම්පු නිවාදමන්න කියලා. විදුලිබල ඇමති කියනවා අවශ්‍ය ඉන්ධන තියෙන නිසා විදුලිය ගැන ගැටලුවක් නැහැ කියලා?

“මෙතෙන ප්‍රශ්නේ තියෙන්නේ, විදේශ විනිමය හිඟ වීමේ ප්‍රශ්නය නේ. මේ රටේ මුදල් ඇමති ඒ අර්බුදයෙන් රට ගොඩගන්න නෙවෙයි වැඩකරමින් ඉන්නේ, ඒ විදේශ විනිමය අර්බුදය ව්‍යසනයක් දක්වා ඇදගෙන යෑම තමා ඔහු කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08