අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ – විමල්

වත්මන් මුදල් අමාත්‍යවරයා ඇමති ධුරයක් දරන අමාත්‍ය මණ්ඩලයක නැවතත් අමාත්‍යධුරයක් දැරීමට තමා සූදානම් නැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත ඊයේ (07) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි ඉතාම පුරෝගාමීව කැපවෙලා නිර්මාණය කළ ජනවරමක‍්. ඒ ජනවරමේ අයිතිවාසිකමෙන් අපිට ගැළවෙන්න බැහැ. වගේම ඒ ජනවරමට සම්පුර්ණ පටහැනි අතකට මේ රටේ ආර්ථිකය ඇදගෙන යන්න හදනවා නම්, විශේෂයෙන් ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයා විසින් ඒ ජනමතය නිර්මාණය කරන්න කැපවෙච්ච අපිට ම ඒ තත්ත්වයට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න සිද්ධවෙනවා. ඒක අපි ඒ ජනමතයට අවංකවීමක්.”

ප්‍රශ්නය – ඔබතුමාට යළිත් අමාත්‍යධුරයක් දෙනවා කිව්වොත් භාරගන්න කැමතිද?

“කිසිසේත්ම වර්තමාන මුදල් අමාත්‍යවරයා, ඇමති තනතුරක් දරන අමාත්‍ය මණ්ඩලයක නියෝජිතයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒකට හේතුව අද මේ රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නෙමෙයි ඒ ලැබුණු ජනවරම පික්පොකට් ගහලා ඒ ජනවරමට පස්ස හරවලා මේ රට පාලනය කරන්නේ, බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා. ඇත්ත කතාව ගත්තොත් ඔහු අමෙරිකානුවෙක්. ඔහුගේ ජීවිතයේ සැදෑසමය ගෙවෙන්නේ අමෙරිකාවේ. අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ.”

ප්‍රශ්නය – මුදල් ඇමතිතුමා කියනවා සියලු වීථී ලාම්පු නිවාදමන්න කියලා. විදුලිබල ඇමති කියනවා අවශ්‍ය ඉන්ධන තියෙන නිසා විදුලිය ගැන ගැටලුවක් නැහැ කියලා?

“මෙතෙන ප්‍රශ්නේ තියෙන්නේ, විදේශ විනිමය හිඟ වීමේ ප්‍රශ්නය නේ. මේ රටේ මුදල් ඇමති ඒ අර්බුදයෙන් රට ගොඩගන්න නෙවෙයි වැඩකරමින් ඉන්නේ, ඒ විදේශ විනිමය අර්බුදය ව්‍යසනයක් දක්වා ඇදගෙන යෑම තමා ඔහු කරන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15
Video thumbnail
අදත් දිවයිනේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
01:29
Video thumbnail
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව සම්පූර්ණයෙන්ම බොරු - මේ පට්ටපල් බොරු සමාජගත කරලා
03:36