AFC Banner
Empty Ad
Empty Ad

අම්බානිගේ පුතුගේ විවාහ මංගල්‍ය මඟ හැරීම ගැන සනත් කණගාටුවෙන්

ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත්‍රයෙකු වන ආනන්ද් අම්බානිගේ විවාහ මංගල උත්සවය ඊයේ (12) ඉන්දියාවේ මුම්බායි නුවර දී ආරම්භ වුණා.

ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ මෙම විවාහ මංගල උත්සවය දින තුනක් පුරා ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලොව පුරා සිටින ජනප්‍රිය පුද්ගලයින්ට ඇරයුම් ලැබී තිබෙනවා.

එම පිරිස අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්වීම් ලැබූ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද සිටින බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් සනත්ට එම සුන්දර අවස්ථාව සඳහා සහභාගිවීමට නොහැකි බව දන්වා තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් සනත් පවසා ඇත්තේ පුද්ගලික කාරණාවක් හේතුවෙන් මෙම අවස්ථාව මඟ හැරීම ගැන මම ඉතා කණගාටුවට පත්වන බවයි.

ආනන්ද් සහ රාධිකා යුවළට ආශිර්වාද එක්කර ඇති සනත් ඔවුන්ට අසිරිමත් විවාහ ජීවිතයක් සඳහා ද අදාළ එක්ස් පණිවුඩයෙන් සුබ පැතුම් එක්කර තිබෙනවා.

එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් පවුල සමඟ ගත කළ කාලය පිළිබඳව ද සනත් එම එක්ස් පණිවුඩය මඟින් සිහිපත්කර තිබෙනවා.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
12
+1
3
+1
3
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?