අම්බලන්ගොඩ දී අද (04) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වරුෂවිතාන මිරංග නැමති මෙම පුද්ගලයා අම්බලන්ගොඩ, පොරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් වන අතර ඔහු බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.
මොහු අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ඥාතියකු (මස්සිනා) බවට ද තොරතුරු වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
+1
+1
+1





