අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV සාක්ෂි එළියට – සැකය මහදුර නලීන්ගේ පුතා දෙසට (වීඩියෝ)

අම්බලන්ගොඩ නගර සභාව අසල දී ඊයේ (04) පෙරවරුවේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

මේ අතර වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ සී.සී.ටී.වී. දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

රතු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මිරන්ත වරුෂවිතාන නැමැත්තාව අනතුරට ලක්කර මෙම වෙඩි තැබීම සිදුකරන ආකාරය එහි දැක්වෙනවා.

වෙඩි තැබීමෙන් ඝාතනය ලක් වූ මිරන්ත වරුෂවිතාන නැමැත්තා මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ මස්සිනා බවයි තොරතුරු අනාවරණය වුණේ.

බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් වන මොහු බැංකුවක සිට අම්බලන්ගොඩ වරාය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනයට හේතු වී ඇත්තේ, මීට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක දී ඝාතනයට ලක් වූ මහදුර නලීන්ගේ මරණයට පළිගැනීමක් ලෙස බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මහදුර නලීන්ගේ පුත්‍රයා වන ඉසුරු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව පොලිසිය සැකපළ කරනවා.

වෙඩි තැබීමට පැමිණි රතු පැහැති මෝටර් රථය කරන්දෙණිය, එගොඩවෙල මංසන්ධියේ දමා ගොස් තිබිය දී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (04)පෙරවරුවේම සොයා ගත්තා.

වෙඩික්කරුවන් කරන්දෙණිය, බෙංවල සිට එගොඩවෙල හරහා ගමන් කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46