AFC Banner
AFC Banner
Empty Ad

අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ OIC ඝාතනය කළ සැකකරු මරුට

පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින් තැබූ වෙඩි ප්‍රහාරයකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ මීටියාගොඩ – මහවත්ත ප්‍රදේශයේදියි.

අද පෙරවරු 6.15ට පමණ මීටියාගොඩ පොලිස් වසමේ පොළ පාර – මහවත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක සැකකරුවෙකු රැඳී සිටින බවට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්‍යය බලකායේ රාජගිරිය සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානය හදිසි වැටලීමකට ලක් කළේ.

එම පාළු නිවසේ රැඳී සිටි සැකකරු විසින් පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින්ට මයික්‍රෝ වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ දරා තිබෙනවා.

එම වෙඩි තැබීමේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරින් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරු ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හේනේගොඩගේ සංජිව ප්‍රේමකුමාර නමැති 42 හැවිරිදි වාද්දූවේ පදිංචිකරුවෙක්.

ඔහු හිටපු යුද හමුදා සෙබළෙකු බවටත් හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන අයගේ කණ්ඩායමේ සමාජිකයෙකු බවත්, 2023.10.09 වන දින රත්ගම ප්‍රදේශයේ දී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප බාලේනද්‍ර මහතා වෙඩි තබා ඝාතන⁣ය කිරීම මෙහෙයවා ඇති පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
22
+1
3
+1
1
+1
7
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?