AFC Banner
Empty Ad
Empty Ad

අම්බර් සමඟ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ඊයේ(24) මුලතිව්,කෝකිලායි ප්‍රදේශයේදී තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් කිලෝග්රැම් එකයි ග්රැම් 850 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසූවේ ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයා කෝකිලායි ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකුත් බවය.

මොහු අම්බර් විකිනීම වෙනුවෙන් ළඟ තබාගෙන සිට ඇති බවට අනාවරණය වි තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරු හා අම්බර් තොගය මුලතිව් වනජිවි දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවා.

අම්බර් ඉහළ මිළ ගණනකට අලෙවි කරන අතර,සුවඳ විලවුන් සැදීම වෙනුවෙන් අම්බර් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?