බංගලීන්ට ඉන්දියාව හමුවේ දැඩි පීඩනයක් – පළමු ඉනිම 149කට සීමා වෙයි

2023 -2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සිය පළමු ඉනිම ලකුණු 149කට සීමා කරගැනීමට සංචාරක බංගලීන්ට ඊයේ (20) සිදු වුණා.

මෙම තරගය දෙරට අතර පෙරේදා (19) දිනයේ දී ආරම්භ වූයේ චෙන්නායි නුවර දීයි.

බංග්ලාදේශ නායක ෂැන්ටෝ කාසියේ වාසිය දිනා පළමු ව සිය ප්‍රතිවාදීන්ට පළමු ඉනිම පිතිකරණයෙන් ඇරඹීමට ඇරයුම් කළා.

ඒ අනුඅ පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 376ක්.

එහිදී රවිචන්ද්‍රන් අශ්වින්ගෙන් විශිෂ්ට ශතකයක් (113) වාර්තා වූ අතර රවීන්ද්‍ර ජඩේජා ලකුණු 86ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශ පන්දු බලඇණිය වෙනුවෙන් හසාන් මහ්මුද් කඩුලු 05ක්, ටස්කින් අහමඩ් කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් නහිඩ් රනා හා මෙහිඩි විසින් බිඳ දමනු ලැබුවා.

පිළිතුරු ඉනිම සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි බංග්ලාදේශ කණ්ඩායම ඉන්දීය වේග පන්දු බලඇණිය යටතේ දැඩි ලෙස අසරණ වුණා.

ජස්ප්‍රිට් බුම්‍රා විසින් බංග්ලාදේශයේ කඩුලු 04ක් සුනුවිසුණු කළ අතර කඩුලු 02ක බැගින් මොහොමඩ් සිරාජ්, ආකාෂ් දීප් සහ ජඩේජා විසින් බිඳ දමනු ලැබුවා.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය වන අද (21) දිනය වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ පිතිකරණය අරඹා ඇත්තේ පළමු ඉනිමෙන් ද බංග්ලාදේශයට වඩා 310ක් ඉදිරියෙන් සිටිමින්.

දෙවැනි දිනයට තරගය ඊයේ නිමා කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27