දමිළ දේශපාලන නායකයින් ඡන්දය ප්‍රකාශ කරයි

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අද (21) සිය ජන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, කොත්මලේ වැවන්ටන් දමිළ විද්‍යාලයේ දී බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වි. රාධාක්‍රිෂ්ණන් නුවරඑළිය ශාන්ත බාලිකා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කෙරුණා.

වලපනේ යොවුන් සේනාංකය මධ්‍යස්ථානයේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක ද සිය ඡනදය ප්‍රකාශ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.