ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් නිරීක්ෂණ රාජකාරීවල

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ සඳහා පැමිණි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් අද (21) පෙරවරුවේ සිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විදෙස් නියෝජිතයින් 116 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම නිරීක්ෂකයින් අතර, යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් 78 දෙනෙක් සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් 22 දෙනෙක් සිටිනවා.

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

2024 ජනාධිපතිවරණය අදාළ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51