අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත ඇප

අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත මඩකළපුව මහාධිකරණ ඇප නියම කර තිබෙනවා.

ජාතින් අතර අසමගිය ඇතිකරමින් සංහිඳියාව බිඳහෙලමින් ප්‍රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් එම හිමිට විරුද්ධව මෙම නඩුව පවරා තිබෙනවා.

මඩකළපුව මහාධිකරණ විනිසුරු ජී ප්‍රභාකරන් විසින් ඇප නියම කළ අතර ඒ අනුව රුපියල් ලක්ෂ දහයක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළා.

ඇප නියම කරමින් ඒ හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාර දෙන ලෙසද නියෝග කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
18
+1
2
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?