අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් යුද හමුදාවෙන් බහුවිධ වෛද්‍ය සායන වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලබා සිටින රණවිරුවන් ඇතුළු සියලුම විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් උදෙසා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන බහුවිධ වෛද්‍ය සායන වැඩමුළුවෙහි හත්වන අධියර අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හි පදිංචි රණවිරුවන් හා ළඟම ඥාතීන් කේන්ද්‍රකර ගනිමින් අද (19) පැවැත්වෙනවා.

පෙරවරු 08.00 සිට පස්වරු 04.30 දක්වා අම්පාර කොන්ඩුවටුවාන යුද හමුදා සටන් පුහුණු පාසලේ දී මෙම වෛද්‍ය සායන වැඩමුළුව පැවැත්වෙන බවයි යුද හමුදාව දැනුම් දෙන්නේ.

මෙදින එම රණවිරුවන්ට හා ඔවුන්ගේ ළඟම ඥාතීන් හට මූලික වෛද්‍ය සායන ඇතුළු මනෝ වෛද්‍ය උපදේශන, චර්ම රෝග, අක්‍ෂි හා දන්ත වෛද්‍ය, භෞත චිකිත්සක හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේම සෘජුකාරක අංගාදේශක සාය‍නයන් තුළින් ප්‍රථිකාර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති අතර, ජංගම රසයනාගාර සේවයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වෛද්‍ය සායනයන්ට අමතරව මෙම වැඩමුළුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය හා යුද හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයින් විසින් රණවිරුවන් හා ළඟම ඥාතීන් මුහුණපා ඇති ඉඩම්, නිවාස, වැටුප් හා අනෙකුත් පරිපාලන ගැටලු සඳහා අවැසි උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට කටයුතු කරනු ඇති.

ඒ,අනුව දුරබැහැර ප්‍රදේශ වල සිටින රණවිරුවන් මුහුණපා ඇති සෞඛ්‍ය හා අනෙකුත් පාලනමය ගැටලු නිරාකරණය කරදීමේ අරමුණින් පවත්වන මෙම වැඩමුළුවට සහභාගී වී තම සෞඛ්‍යය හා අනෙකුත් ගැටළු වලට අදාළ විසඳුම් ලබාගන්නා ලෙසට අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කයන්හි පදිංචි සියළුම විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතින් වෙත කාරුණිකව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07