AFC Banner
AFC Banner
Empty Ad

අමරපුර මහ නිකායේ මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ගැන සාකච්ඡාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (11) පැවැත්වුණා.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මාර්තු මස 10 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු අනුග්‍රහය නොපිරිහෙළා ලබාදෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සහතික කළ බවයි.

මෙම පූජෝත්සවය සඳහා දායකත්වය සපයන රාජ්‍ය ආයතනවලට ඊට අදාළ වගකීම් බෙදාදීම ද මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමි ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

credentials 1
credentials 2
credentials 3
credentials 4
credentials 5
credentials 6
credentials 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?