අමරපුර මහ නිකායේ මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ගැන සාකච්ඡාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (11) පැවැත්වුණා.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මාර්තු මස 10 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු අනුග්‍රහය නොපිරිහෙළා ලබාදෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සහතික කළ බවයි.

මෙම පූජෝත්සවය සඳහා දායකත්වය සපයන රාජ්‍ය ආයතනවලට ඊට අදාළ වගකීම් බෙදාදීම ද මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමි ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

credentials 1
credentials 2
credentials 3
credentials 4
credentials 5
credentials 6
credentials 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26