අභිෂේක් ශර්මාට දඩයක් සහ අසාදු ලකුණක්

2026 අයි.පී.එල් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ඊයේ (02) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 65ක ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

සන්රයිසර්ස් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් සමඟ මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන පරාජය අත්විඳගන්නට කොල්කටා කණ්ඩායමට සිදු වුණා.

මේ අතර මෙම තරගයෙන් අනතුරුව සන්රයිසර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මාට දඩ මුදලක් පැනවීමට තරඟ තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට අසාදු ලකුණක් ද එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ පැවති තරගය අතර තුර අයි.පී.එල් චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අභිෂේක් ශර්මාට එරෙහිව මෙලෙස තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පනවා අසාදු ලකුණක් එක් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අයි.පී.එල් චර්යාධර්ම සංග්‍රහයේ 2.3 වගන්තිය (තරඟයක් අතරතුර අසභ්‍ය වචන භාවිතා කිරීම) යටතේ පළමු මට්ටමේ වරදක් ඔහු සිදුකර ඇති අතර, අභිෂේක් ශර්මා එම වරද පිළිගෙන තිබෙනවා.

ඒ, අනුවයි තරග තීරකවරයා විසින් මෙම දඬුවම් නියමකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10