අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ – ජනපති

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතින බවයි.

ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙල විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීන් මෙහිදී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටින බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රැස්ව සිටි පිරිස සඳහන් කර ඇත.

සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් ඇතැයි ද වෘත්තීයවේදීන් පෙන්වා දී තිබුණි.

ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයින්ගේ සහ ව්‍යවසායකයින්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දී තිබේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති විද්වතුන්, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බවද අවධාරණය කර ඇත.

අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම, පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාවට එක්වී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33


?