අභියාචනාධිකරණය හමුවේ ගොණුකල රිට් පෙත්සම අද කැඳවීමට නියමිතයි…

අනාරක්ෂිත භාවය නිසා පුපුරා ගිය සංයුතිය වෙනස් ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා වගකිවයුතු පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොණුකල රිට් පෙත්සම අද කැඳවීමට නියමිතයි.

සිවිල් සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනුයි එය ගොණු කර ඇත්තේ. මෙයින් ඉල්ලා ඇත්තේ අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් අනතුරට පත් පිරිසට වන්දි ගෙවීමට, ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්වලට නියෝග කරන ලෙසයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම්, පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපතිවරයා ඇතුලු 10 දෙනෙකු නම් කර තිඛෙනවා.

මේ අතර ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කල පැමිණිවලට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශ යන ආයතන තුන අද දිනයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිඛෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24