අපේ පාටි ඔක්කෝම නවත්තලා ජනතාවට සහන පැකේජයක් දෙමු

ආණ්ඩුව ප්‍රිය සම්භාෂණ, විවිධ සාජ්ජ පවත්වමින් කරනු ලබන නාස්තිකාර වියදම් සියල්ල වහාම නවත්වා ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා සහන පැකේජයක් හඳුන්වා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද රට පවතින්නේ ප්‍රිය සම්භාෂණ, සාජ්ජ පැවැත්විය හැකි වාතාවරණයක නොවන බවත් ජනතාව වේලක් හැර වේලක් කා අන්ත දුෂ්කරව ජීවත්වන අවස්ථාවක පාලකයන්ට එය නොතේරීම ප්‍රහේලිකාවක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.