අපේක්ෂා රෝහලේ වාට්ටුව සෑදූ කතරගම නිලමේට එරෙහිව පැමිණිල්ලක් (වීඩියෝ)

මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුව සෑදූ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබෙනවා.

දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කාමන්ත තුෂාර මහතා විසිනුයි අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ.

පසුගිය කාල වකවානුවේ දැඩි ආන්දෝලනයක් මැවූ ප්‍රවෘත්තියක් වූයේ කතරගම දේවාලය මගින් අපේක්ෂා රෝහලට වාට්ටු සංකීර්ණයක් සකසා දුන් බවට පළ වූ පුවත් සමගින්.

නමුත් කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා එම තනතුරට නුසුදුසු බවත් ඔහුට එරෙහිව 2013 -2015 තෙක් නඩුවක් ද විභාග වූ බවත් පැමිණිලිකාර පාර්ශ්වය පවසනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී මොහු බස්නායක තනතුරට පැමිණෙන බවත්; අපේක්ෂා රෝහලට වාට්ටුවක් සෑදීම වෙනුවෙන් කතරගමට එන බැතිමතුන්ගෙන් මොහු ටිකට්පතක් මුද්‍රණය කර මුදල් එකතු කර ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය වැඩිදුරටත් චෝදනා කරනවා.

එම ටිකට් පත මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය ම වැරදි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

වත්මන් බස්නායක නිලමේවරයාගේ අතීතය ගෙන බැලුවහොත් හෙතෙම දූෂණ, වංචාවලින් පිරුණු අයෙක් බවත්, 2015 -2020 කාලයේ දී රුපියල් 50,000ක මුදලක් ද වංචා කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් වන දූෂණ චෝදනා ඇතුළත් සියලුම ලිපිලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබූ බවත් කාමන්ත තුෂාර මහතා පැවසුවා.

වහාම බස්නායක නිලමේවරයාගේ වත්කම් බැරකම් සෙවිය යුතු බවත්, කතරගම දේවාලයේ භාණ්ඩාගාරය නිසි විගණනයකට ලක් කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
19
+1
165
+1
18
+1
19
+1
13
+1
57
Subscribe
Notify of
16 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08