අප්‍රේල් මාසය වෙද්දී ජනතාවට කන්න නැති වේවි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

ලබන වසරේ අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් උද්ගත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවා සිටිනවා.

මහ කන්නය සඳහා වගා කටයුතු මේ වන විට ආරම්භ කළ යුතුව ඇතත් ඒ සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඇය සඳහන් කර සිටියේ.

ඊට අමතරව කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බවයි ඇය පෙන්වා දුන්නේ.

මහ කන්නය යනු මෙරට වැදගත්ම සහ වැඩි ම අස්වැන්නක් හිමි වන කන්නය වන බව පැවසූ මහාචාර්යවරිය එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවද මහාචාර්යවරිය පෙන්වා දුන්නා.

ඒ අනුව, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විද්වතුන් සහ පර්යේෂකයින් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ හරහා ආහාර හිඟයක් ඇති වීම නොවැළැක්විය හැකි බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?