අප්‍රේල් මාසය වෙද්දී ජනතාවට කන්න නැති වේවි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

ලබන වසරේ අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් උද්ගත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවා සිටිනවා.

මහ කන්නය සඳහා වගා කටයුතු මේ වන විට ආරම්භ කළ යුතුව ඇතත් ඒ සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඇය සඳහන් කර සිටියේ.

ඊට අමතරව කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බවයි ඇය පෙන්වා දුන්නේ.

මහ කන්නය යනු මෙරට වැදගත්ම සහ වැඩි ම අස්වැන්නක් හිමි වන කන්නය වන බව පැවසූ මහාචාර්යවරිය එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවද මහාචාර්යවරිය පෙන්වා දුන්නා.

ඒ අනුව, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විද්වතුන් සහ පර්යේෂකයින් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ හරහා ආහාර හිඟයක් ඇති වීම නොවැළැක්විය හැකි බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56