AFC Banner
Empty Ad
Empty Ad

අපරාධයක් සිදු කර බුර්කාවකින් සැරසී පලා යමින් සිටි අයෙක් අල්ලයි

අපරාධයක් සිදු කර පලා යමින් සිටි පුද්ගලයෙකු තඹලගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධකරු කාන්තාවන් දෙදෙනකුට මිටියකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අපරාධය සිදු කර සැකකරු බුර්කාවකින් සැරසී පලා යමින් සිටියදීයි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පහරදීම සිදුකර පාපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු සම්බන්ධයෙන් ඇති වු සැකය මත ප්‍රදේශවාසීන් පිරිසක් බුර්කාව ඉවත් කර බැලීමේ දී ඔහු පිරිමි පුද්ගලයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුව එම පුද්ගලයා පිළිබඳ ව ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ මෙම සැකකරු මවක හා දියණිකට පහර දී ඇති
බවයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු කාන්තාවන් දෙදෙනා මඩකලපුව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?