අපරාධයක් සිදු කර බුර්කාවකින් සැරසී පලා යමින් සිටි අයෙක් අල්ලයි

අපරාධයක් සිදු කර පලා යමින් සිටි පුද්ගලයෙකු තඹලගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධකරු කාන්තාවන් දෙදෙනකුට මිටියකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අපරාධය සිදු කර සැකකරු බුර්කාවකින් සැරසී පලා යමින් සිටියදීයි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පහරදීම සිදුකර පාපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු සම්බන්ධයෙන් ඇති වු සැකය මත ප්‍රදේශවාසීන් පිරිසක් බුර්කාව ඉවත් කර බැලීමේ දී ඔහු පිරිමි පුද්ගලයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුව එම පුද්ගලයා පිළිබඳ ව ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ මෙම සැකකරු මවක හා දියණිකට පහර දී ඇති
බවයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු කාන්තාවන් දෙදෙනා මඩකලපුව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15