අනුර කුමාර දිසානායක පලස්තීන තානාපති හමුවෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සෙයිඩ් මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

අද පලස්තීන තානාපති කාර්යාලයේදීයි මෙම හමුව සිදුවී ඇත්තේ.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද සහභාගී වී තිබෙනවා.

මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව ජාතික ජන බලවේගයේ කනගාටුව පලස්තීන තානාපතිවරයා වෙත පළ කළ බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු අතර එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම වහා ක්‍රියාත්මක විය යුතු බව ද ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අවධාරණය කර තිබෙනවා.

එසේම නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තම පක්ෂය හඬ නඟා ඇති බව පෙන්වා දුන් අතර පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය බවයි තානාපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21