අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ සහල් තොගයක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන 05 දක්වා රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකාර කළමනාකාරිණිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූහත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
අනුරාධපුර – ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇයට විදේශගත වීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් ද නිකුත් කරනු ලැබුවා.
ඒ අතර තුරයි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණේ.














