අනුරපුර සතොස ගබඩාවේ කළමනාකාරිණිය රිමාන්ඩ්

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ සහල් තොගයක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන 05 දක්වා රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර කළමනාකාරිණිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූහත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අනුරාධපුර – ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇයට විදේශගත වීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් ද නිකුත් කරනු ලැබුවා.

ඒ අතර තුරයි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:53
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:35
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38