සෝමාවතිය රක්ෂිතයේ අක්කර පහක නීතිවිරෝධී ගංජා වගාවක් වටලයි

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ඊයේ (03) දින කන්තලේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව අග්බෝපුර, දිවුල්ගස්වැව සෝමාවතිය රක්ෂිතයේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එම මෙහෙයුමෙන්, ගංජා පැළ 35,000කට අධික ප්‍රමාණයක් වගා කර තිබූ වගා බිමක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබුණා.

එම ගංජා පැළ තොගය අක්කර 03ක භූමි ප්‍රමාණයක වගා කර තිබූ අතර, ගංජා වගා කිරීම සඳහා අක්කර 02ක භූමි ප්‍රමාණයක බිම් සකස් කර තිබුණා.

මෙම වැටලීමේදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ වනජීවී දෙපාර්තමේන්තුව මේ පිලිබඳ ඉදිරි නීතිමය කටයුතු සිදුකරනු ලබනවා.