අනුරපුර පෙට්‍රල් ෂෙඩ් දෙකක මංකොල්ලයක්

අනුරාධපුර නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් තිදෙනෙක් ඒවායේ තිබූ මුදල් කොල්ල කා පළාගොස් තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් දෙකේ පොම්පකරුවන් බියගන්වා අද (28) අලුයම් කාලයේ මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනුරාධපුර,පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් රුපියල් දෙලක්ෂ දොළොස් දහසක මුදලක් කොල්ල කා ඇති අතර, අනෙක් ඉන්ධන පිරවුම්හලෙන් කොල්ල කෑ මුදල තවම ගණනය කර නොමැති බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර, අනුරාධපුර පොලිසිය විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?