අනුරගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි(වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස හරිනි අමරසූරිය ඉතිහාසයට එක් වුණා.

මීට පෙර සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අය මෙරට අග්‍රාමාත්‍යවරියන් ලෙස කටයුතු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

වර්ෂ 1970 මාර්තු මස 06 වැනි දින මෙලොව එළිය දුටු හරිනි අමරසූරිය අගමැතිනිය දේශපාලනඥයෙකු වීමට පෙර දේශීය ව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරූ චරිතයක්.

ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ චරිතයක් වන අතර සිය විෂයය පථය තුළ ඇගයිය යුතු මට්ටමේ පර්‍යේෂණ රාශියක් ද සිදු කළ කාන්තාවක් ද වනවා.

එම පර්‍යේෂණ අතර යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂභාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පර්‍යේෂණ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම ද සුවිශේෂීයි.

2011 වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වීමෙන් පසු ඇය නිදහස් අධ්‍යාපනය ඉල්ලා පැවති උද්ඝෝෂණවලට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරිනියක් ද වනවා.

ළමා ආරක්ෂණ සහ මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඇය සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සේවයට ද එක්වුණා.

හරිනි අමරසූරිය 2019 දී ජාතික බුද්ධිමතුන්ගේ සංවිධානයට එක්වන අතර එම වර්ෂයේ දී ම ජනාධිපතිවරණ සමයේ දී ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇය දේශපාලනික ප්‍රචාරක කටයුතු කළා.

2020 අගෝස්තු 12 වන දින, ඇය ඵළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙරට 16 වන පාර්ලිමේන්තුවට ඇතුළු වීම සඳහා ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගය විසින් නම් කෙරුණා.

ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස හරීනිට ඇයගේ සේවය දිගටම කරගෙන යා හැකිද යන්න පිළිබඳව ද ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණු අතර; එහිදී ආචාර්‍ය හරිනි අමරසූරිය පැවසුවේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.

ජාතික ජන බලවේගය පක්ෂය තුළ ඇය ව හඳුන්වා ඇත්තේ තරුණ විරැකියාව, ලිංග භේදය, අසමානතාව, ළමා ආරක්ෂණ සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්‍යක්ෂමතාව වැනි ගැටලු පිළිබඳ ව වැඩි වශයෙන් කතාබහ කරමින් මතවාදී වාමාංශික ලිබරල්වාදියෙකු ලෙසට ප්‍රසිද්ධියක් උසුලන්නියක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
55
+1
2
+1
14
+1
4
+1
2
+1
10
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?