අනුරගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි(වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස හරිනි අමරසූරිය ඉතිහාසයට එක් වුණා.

මීට පෙර සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අය මෙරට අග්‍රාමාත්‍යවරියන් ලෙස කටයුතු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

වර්ෂ 1970 මාර්තු මස 06 වැනි දින මෙලොව එළිය දුටු හරිනි අමරසූරිය අගමැතිනිය දේශපාලනඥයෙකු වීමට පෙර දේශීය ව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරූ චරිතයක්.

ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ චරිතයක් වන අතර සිය විෂයය පථය තුළ ඇගයිය යුතු මට්ටමේ පර්‍යේෂණ රාශියක් ද සිදු කළ කාන්තාවක් ද වනවා.

එම පර්‍යේෂණ අතර යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂභාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පර්‍යේෂණ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම ද සුවිශේෂීයි.

2011 වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වීමෙන් පසු ඇය නිදහස් අධ්‍යාපනය ඉල්ලා පැවති උද්ඝෝෂණවලට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරිනියක් ද වනවා.

ළමා ආරක්ෂණ සහ මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඇය සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සේවයට ද එක්වුණා.

හරිනි අමරසූරිය 2019 දී ජාතික බුද්ධිමතුන්ගේ සංවිධානයට එක්වන අතර එම වර්ෂයේ දී ම ජනාධිපතිවරණ සමයේ දී ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇය දේශපාලනික ප්‍රචාරක කටයුතු කළා.

2020 අගෝස්තු 12 වන දින, ඇය ඵළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙරට 16 වන පාර්ලිමේන්තුවට ඇතුළු වීම සඳහා ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගය විසින් නම් කෙරුණා.

ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස හරීනිට ඇයගේ සේවය දිගටම කරගෙන යා හැකිද යන්න පිළිබඳව ද ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණු අතර; එහිදී ආචාර්‍ය හරිනි අමරසූරිය පැවසුවේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.

ජාතික ජන බලවේගය පක්ෂය තුළ ඇය ව හඳුන්වා ඇත්තේ තරුණ විරැකියාව, ලිංග භේදය, අසමානතාව, ළමා ආරක්ෂණ සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්‍යක්ෂමතාව වැනි ගැටලු පිළිබඳ ව වැඩි වශයෙන් කතාබහ කරමින් මතවාදී වාමාංශික ලිබරල්වාදියෙකු ලෙසට ප්‍රසිද්ධියක් උසුලන්නියක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43