Empty Ad
AFC Banner
Empty Ad

අනුන්ගේ ඉඩමක් නිසා හිරේ විලංගුවේ වැටුණු රාජ්‍ය නිලධාරීන්

මාතර ප්‍රදේශයේ කාන්තාවකට හිමි ඉඩමක කොටසක් ඔහුගේ වැඩිමහල් දරුවාගේ බිරිඳට කිසිදු ගැටලුවකින් තොරව නිරවුල් කර වෙන්කරදීමට හා ඉඩම පරීක්ෂා කිරීම වෙනුවෙන් ඉඩම හිමි කාන්තාවගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන සහකාර ඉඩම් කොමසාරිස්වරයෙකු සහ එහි සෙසු නිලධාරියකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (21) නියෝග කළා.

මාතර – කොට්ටවත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහකාර කළමනාකරුවකු වන නිහාල් ද සිල්වා සහ එහි තවත් නිලධාරියකු වන තරංග රාජිව් යන නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මොරවක ප්‍රදේශයේ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සටියේ සැකකාර පුද්ගලයන් අදාළ ඉඩම පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී උපාය දූතයන් දෙදෙනෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයන් දෙදෙනා අදාළ අල්ලස් මුදල ද සමග අත්අඩංගුවට ගත් බවයි.

තම සේවාදායකයා වන සැකකාර කළමනාකාර සහකාරවරයා කිසිදු අල්ලස් ලබාගෙන නොමැති බව අනාවරණය වන බැවින් ඇප මත මුදා මුදා හැරීමට පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදු කළා.

සැකකාර පුද්ගලයන් දෙදෙනා ඉකුත් 8 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අධිකරණයේ නියෝගයක් මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?