අනුන්ගේ ඉඩමක් නිසා හිරේ විලංගුවේ වැටුණු රාජ්‍ය නිලධාරීන්

මාතර ප්‍රදේශයේ කාන්තාවකට හිමි ඉඩමක කොටසක් ඔහුගේ වැඩිමහල් දරුවාගේ බිරිඳට කිසිදු ගැටලුවකින් තොරව නිරවුල් කර වෙන්කරදීමට හා ඉඩම පරීක්ෂා කිරීම වෙනුවෙන් ඉඩම හිමි කාන්තාවගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන සහකාර ඉඩම් කොමසාරිස්වරයෙකු සහ එහි සෙසු නිලධාරියකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (21) නියෝග කළා.

මාතර – කොට්ටවත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහකාර කළමනාකරුවකු වන නිහාල් ද සිල්වා සහ එහි තවත් නිලධාරියකු වන තරංග රාජිව් යන නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මොරවක ප්‍රදේශයේ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සටියේ සැකකාර පුද්ගලයන් අදාළ ඉඩම පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී උපාය දූතයන් දෙදෙනෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයන් දෙදෙනා අදාළ අල්ලස් මුදල ද සමග අත්අඩංගුවට ගත් බවයි.

තම සේවාදායකයා වන සැකකාර කළමනාකාර සහකාරවරයා කිසිදු අල්ලස් ලබාගෙන නොමැති බව අනාවරණය වන බැවින් ඇප මත මුදා මුදා හැරීමට පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදු කළා.

සැකකාර පුද්ගලයන් දෙදෙනා ඉකුත් 8 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අධිකරණයේ නියෝගයක් මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46