අනියම් පෙමක් නිසා බිරිඳ සැමියාගෙන් මැරුම්කයි

රඹුක්කන පොලිස් වසමේ ගබ්බල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (01) පස්වරුවේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය ලක්වූ කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් සැමියා විසින් ඇයට ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇති බවයි මර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

රඹුක්කන පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 46ක කොස්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?