අනිද්දා සිට වෙනස් වෙන කාලගුණයට සියලු අංශ සූදානමින්

තරංගාකාර සුළං ප්‍රවාහයක් අනිද්දා (29) දිනය වන විට ඇතිවිය බවත් ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වර්ධනය වීමක් සිදු වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) දිනයේ නිකුත් කළ කාලගුණ වාර්තාවක සඳහන් වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම පුරෝකතනයන්ට අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ඉහළ වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.

ඒ අනුව සිදුවිය හැකි ආපදා සම්බන්දව අවධානය යොමු කරමින් එයින් ආරක්ෂා වීම සඳහා නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ සඳහන් කළා.

ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට පැවති හදිසි සැලැස්මට අනුව මේ සඳහා ද සූදානම් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
14
+1
0
+1
2
+1
12
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?