AFC Banner
AFC Banner
Empty Ad

අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක දැරියක් ජීවිතක්ෂයට

යාපනය,ඉලවාලෙයි,වසන්දුපුරම් ප්‍රදේශයේ ආනාරක්ෂික ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක දැරියක් ඊයේ(09) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉලවාලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ දැරිය පියා නිවසින් බැහැරව සිටි අවස්ථාවක මව සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති බවත් දැරියගේ මව නිවසේ සාලයේ කිසියම් කටයුත්තක් කරමින් සිටි අවස්ථාවේ දැරිය මවගෙන් මිදී නිවස ඉදිරිපස ළිඳ ළඟට ගොස් ඇති අවස්ථාවේ දැරිය ළිඳට වැටී ඇති බවත් මුලිකව නිරීක්ෂණය වන බවයි.

දැරිය අසල්වාසීන් එක්ව ළිඳෙන් ගොඩගෙන යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි වෛද්‍යවරුන් සඳහන් කොට ඇත්තේ දැරිය මියගොස් ඇති බවය.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?