අන්තරේ සිසුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද (21) දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් සකසන ලෙසට බල කරමින්.

එමෙන්ම රෝගී ජීවිත අනතුරේ හෙලන මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට හානි කරන උපාධි කඩ අහෝසි කරන ලෙසට ද විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියා.

මෙම උද්ඝෝෂණය සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අමතරව පරිපූරක වෛද්‍යවරුන්ගේ බල මණ්ඩලය නියෝජනය කරමින් රවී කුමුදේෂ්, චානක ධර්මවික්‍රම ඇතුළු වෘත්තීය සමිති නායකයින් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?