අන්තරේ සහ ඇමති වසන්ත අතර සාකච්ඡාවක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමජිකයින් පිරිසක් ඊයේ (03)වෙළෙඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟින් සාකච්ඡාවක නිරත වුණා.

වෙළෙඳ අමාත්‍යාශයේදී පැවති මෙම සාකච්ඡාවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනා සහ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කෙරුණා.

ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අදාළව සහ එම ශිෂ්‍යාධාර ලබාදීමේ දී ඇති වී තිබෙන ගැටළු තත්ත්වයන් පිළිබඳව ද ඔවුන් සිය අදහස් ප්‍රකාශ කළා.

මීට අමතරව විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයින් පිළිබඳව දක්වා ඇති අවධානය වැඩි කිරීම, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා පහසුකම් තවදුරටත් දියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වැනි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒ, අනුව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් මහපොළ අරමුදලේ විෂයභාර අමාත්‍යවරයා ලෙස සිසුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට අදාළ නිසි මැදිහත් වීම සිදුකිරීමට අමාත්‍යවරයා කටයුතු කළ අතර, ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීමට ඇති හැකියාවන් පිළිබඳව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?