අන්තරේ සහ ඇමති වසන්ත අතර සාකච්ඡාවක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමජිකයින් පිරිසක් ඊයේ (03)වෙළෙඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟින් සාකච්ඡාවක නිරත වුණා.

වෙළෙඳ අමාත්‍යාශයේදී පැවති මෙම සාකච්ඡාවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනා සහ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කෙරුණා.

ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අදාළව සහ එම ශිෂ්‍යාධාර ලබාදීමේ දී ඇති වී තිබෙන ගැටළු තත්ත්වයන් පිළිබඳව ද ඔවුන් සිය අදහස් ප්‍රකාශ කළා.

මීට අමතරව විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයින් පිළිබඳව දක්වා ඇති අවධානය වැඩි කිරීම, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා පහසුකම් තවදුරටත් දියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වැනි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒ, අනුව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් මහපොළ අරමුදලේ විෂයභාර අමාත්‍යවරයා ලෙස සිසුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට අදාළ නිසි මැදිහත් වීම සිදුකිරීමට අමාත්‍යවරයා කටයුතු කළ අතර, ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීමට ඇති හැකියාවන් පිළිබඳව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56