රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (20) පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත් වුණා.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.
මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා කටයුතු කරන අතර, ලේකම් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ පැතුම් අමරකෝන් කටයුතු කරනවා.
මෙම නව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අශේන් ශිවන්තයි.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන මදුෂාන් චන්ද්‍රජිත් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.
සිසුන් හා ජනතා ව්‍යාකූල කරන ආණ්ඩුවේ අතකොළුවල බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි මදුෂාන් චන්ද්‍රජිත් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.














