AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්වාර පාලනයකට ජනපති සූදානම්

අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

එමෙන්ම පවතින අර්බුදවලට විසදුම් දී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වන බවටද ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි ලේඛකාධිකාරි හිමියන් සඳහන් කලේ.

වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරි තත්වයට විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් පසුගියදා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා සහ රජයට ලිපියක් යොමු කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේදී එම ලිඛිත දැනුම් දීම සිදුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?