අන්තර්ජාලය ඔස්සේ රැවටී ලිංගික අපයෝජනයන්ට ලක්වූ ළමුන් හා කාන්තාවන් ගණන ඉහළට

2025 වසරේ මේ දක්වා කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ ළමුන් 28 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊට අමතරව කාන්තාවන් 118 දෙනෙකු ද වසරේ මේ දක්වා කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ.

මේ අතර 2024 වර්ෂය තුල දී මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති ළමුන් ගණන 15ක් වන අතර, කාන්තාවන් සංඛ්‍යාව 375ක් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික අපයෝජනයන සම්බන්ධයෙන් සැකකරුවන් 114 දෙනෙකු පසුගිය 2024 වසර තුළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර 2024 වසර තුළ දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමුන් 282ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද දැන් මහමොළකරු ? හේමමාලා කුමරියගේ සම්බන්ධය මොකක්ද ?ගම්මන්පිල කිව්ව දේ
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38